කටුගම්පල ආයුර්වේදය

සුවය උරුමයක් වශයෙන්

නීරෝගිමත් දිවියක් උදෙසා අපව තොරාගත යුත්තේ ඇයි

ස්වභාවික බෙහෙත් හා පරිසර හිතකාමී ප්‍රතිකාර

සාම්ප්‍රදායික ඔසු පැලෑටි, තෙල් භාවිතයෙන් ශරීරයට හා පරිසරයට හිතකර සුවයක් ලබාදීමයි අපගේ අරමුණ.

පරම්පරාවෙන් පැවති විශ්වාසය

ආයුර්වේද උරුමය හා පරම්පරාවෙන් සන්සුන්ව ගෙන ආ දේශීය වෛද්‍ය දැනුම මත පදනම් වූ විශ්වාසනීය ප්‍රතිකාර.

විශේෂීකෘත ප්‍රතිකාර ක්‍රම

කැඩුම් බිදුම් සන්ධි අබාධ සදහා ලක්ශ්‍යගත පුද්ගලිකත්වයට අදාළ ආකාරයෙන් සැළසුම් කල ප්‍රතිකාර.

අපගෙ පාරම්පරික දේශීය ප්‍රතිකාරයන්

පරම්පරාවෙන් පැමිණි දේශීය වෛද්‍ය විධි ක්‍රමයන් හා ස්වාභාවික බෙහෙත් මඟින්, ශරීරය හා මනස සන්සුන් කිරීම, ආරෝග්‍යය පවත්වාගෙන යාම අපගේ අරමුණයි.
lotus spa template homepage service img
01

කැඩුම් බිඳුම් ප්‍රතිකාර

පාරම්පරික ආයුර්වේද ක්‍රම හා දේශීය බෙහෙත් භාවිතයෙන් අස්ථි කැඩීම්, බිඳීම්, සහ සන්දි ආබාධ සුව කිරීම සඳහා විශේෂිත ප්‍රතිකාර.
02

පංචකම ප්‍රතිකාර

ශරීරය තුළ ඇති විෂ දූෂණය නාශ කරමින් සම්පූර්ණ සුවය ලබාදෙන, පාරම්පරික ආයුර්වේද ශුද්ධීකරණ ක්‍රම 5ක සංග්‍රහයකි. ශරීරය, සිත සහ ආත්මය සමබර කිරීම අපගේ අරමුණයි.

ප්‍රතිකාර

අපගේ ආයුර්වේද ප්‍රතිකාර සම්ප්‍රදායික දේශීය බෙහෙත්, නානු, වාතාපන, සම්බාහනය සහ පංචකම වැනි ශුද්ධීකරණ ක්‍රමයන් මත පදනම්ව ශරීරය සහ මනස සුවපත් කිරීමට අරමුණු කර ඇත. රෝගී තත්වය අනුව අභිරුචිමය ප්‍රතිකාර සැලසුම් කරනු ලැබේ.

01.

කැඩුම් බිදුම් ප්‍රතිකාර

 අස්ථි කැඩීම් බිදීම් අවසන්ධි වීම් සදහා අපගේ පාරම්පරාවෙන් පැවත එන දේශීය වෛද්‍ය ක්‍රම සහ ස්වාභාවික බෙහෙත් භාවිතා කරනු ලැබේ.. වේදනා නවතා දමා සීඝ්‍ර සුවය උදෙසා අපගේ විශේෂිත තෙල්, පත්තු,මැල්ලුම්, පොට්ටනි හා ඇතැම් විට අභ්‍යන්තර ඖෂධ දෙනු ලැබේ

02.

සන්ධි ආශ්‍රිත රෝග

 සන්ධි වේදනාව ඉදිමුම චලනය අපහසු වීම්.. යන ආදි සන්ධි රෝග සදහා හේතු සොයා බලා නිවැරදි පාරම්පරික දේශීය වෛද්‍ය ප්‍රතිකාර ලැබේ.. ඔසු තෙල් පත්තු පොට්ටනි හා ඇතැම් විට අභ්‍යන්තර ඖෂධ දෙනු ලැබේ

03.

කොදු ඇට පෙළ ආශ්‍රිත රෝග

පිටුපස වේදනාව, herniated disc, sciatica (ගුද්‍රසී), disc slip වැනි කොදු ඇට පෙළ සම්බන්ධ රෝග සදහා පාරම්පරික දේශීය වෛද්‍ය ප්‍රතිකාර ලැබේ..ඔසු තෙල් පත්තු පොට්ටනි හා ඇතැම් විට අභ්‍යන්තර ඖෂධ මගින් සුවය ලබා දේ.

04.

ස්නායු රෝග

අත පා වෙව්ලීම, ස්නායු දුර්වලතාව, හා අත්පා වෙව්ලීම හිරි වැටීම වැනි තත්වයන් සදහා අපගේ පරම්පරාවෙන් පැවත එන සාර්ථක ආයුර්වේද ප්‍රතිකාර ක්‍රම යෙදේ‍.  විශේෂිත ඔසු, වාතාපන, සම්බාහනය සහ ආහාර උපදෙස් මඟින් ස්නායු පද්ධතිය ශක්තිමත් කරමින් සුවය දිවයිනට පැමිණේ.

ගැලරිය

අපගේ ආයුර්වේද ප්‍රතිකාර හා සත්කාර ක්‍රියාවලීන්හි දෘශ්‍යමය හෙළිදරව්ව. මෙහිදී ඔබට අපගේ පාරම්පරික බෙහෙත්, සම්බාහනය, ඔසු ප්‍රතිකාර, සහ වෛද්‍ය උපදේශන අත්දැකීම් දැකගත හැක. සුවය හා සන්සුන් භාවය ලබාදෙන අපගේ සේවාවන් කෙරෙහි ගැඹුරු අවබෝධයක් ලබන්න.